Broker KYC Verification සිංහලෙන්

අපි යොදවන්නට බලාපොරොත්තු වන Trading Capital එකට අනුරූපව BankerQuotes License එක මිලදී ගැනීමෙන් අනතුරුව මුලින්ම කළ යුතු දන්නේ අපේ Broker Account එකේ KYC සම්පූර්ණ කර ගැනීමයි.

මීට පෙර ලිපි වල සඳහන් පියවර සම්පූර්ණ කර නොමැති නම් මින් ඉදිරියට යාමට පෙර එම පියවර සම්පූර්ණ කරගෙන ඉන්න.

  1. BankerQuotes Registration
  2. Licence Purchase

මේ Broker KYC Verification පියවර සම්පූර්ණ කිරීම සඳහා ඔබගේ පෙර සූදානම වැදගත් වෙනවා. මේ සඳහා ඔබට Documents දෙවර්ගයක් අවශ්‍ය වෙනවා.

  1. Identity Verification – රජයෙන් නිකුත් කළ ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍ය ලිපි ලේඛනයක්
    • Passport (වලංගු විදේශ ගමන් බලපත්‍රය) හෝ
    • Driving License (වලංගු රියැදුරු බලපත්‍රය) හෝ
    • ඉංග්‍රීසි බසින් විස්තර ඇතුළත් අළුත් ID එක (New National ID Card)
  2. Address Verification – ඔබේ පදිංචිය තහවුරු කෙරෙන ලිපි ලේඛනයක්
    • මාස තුනක් ඇතුළත නිකුත් කරන ලද,
      • Bank Statement එකක්, Credit Card Statement එකක්
      • විදුලි, ජල, දුරකථන බිල් පතක්

මේ ලිපි ලේඛන දෙකේ ඉතා පැහැදිලි ඡයාරූප හෝ Scanned Copies සූදානම් කරගන්න. සෑම Copy එකකම කොන් 4 පෙනීම අත්‍යාවශ්‍ය වෙනවා.

ඒ Files දෙක වෙන වෙනම හඳුනාගත හැකි පරිදි නම් කර Save කරගන්න.


ඔබ BankerQuotes ගිණුම විවෘත කරන අවස්ථාවේදීම ස්වයංක්‍රීයවම ඔබේ WhizFX Broker ගිණුමත් විවෘත වන අතර අදාළ Login විස්තර දැනටමත් ඔබගේ Email එකට ලැබී ඇති.

Step 01

මුලින්ම ඔබේ Gmail Inbox එකට ගිහින් ” Login Details ” යනුවෙන් Search කරන්න. එම Email එකේ ඇති Link එක Click කර එහි සඳහන් User Login ID එක සහ Password එක භාවිතයෙන් WhizFX, ඔබේ Broker Account එකට log වෙන්න.

Step 02 – Accept Terms & Conditions

Terms & Conditions කියවා, Scroll Down කර Sign Click කර ඔබේ Digital Signature එක යොදන්න. ඊළඟට Continue කරන්න.

Step 03 – Upload Documents

දැන් ඔබ සූදානම් කර ගත් Verification Documents පිළිවෙලින් Submit කරන්න.

  1. Proof of Address: ඔබේ පදිංචිය තහවුරු කරන ලේඛනය
  2. Proof of ID: ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍ය ලේඛනය

මේ ලේඛන Submit කිරීමෙන් අනතුරුව ඉදිරියට යන්න.

Step 04 – Wallet Creation

ඔබ යොදවන්නට බලාපොරොත්තු වන Trading Capital එකට අනුව Standard හෝ ECN තෝරා ඉදිරියට යන්න.

දැන් ඔබට Login Details ශීර්ෂය ඇතුලත් තවත් Email එකක් ලැබේවි. මේ Email එකේ ඔබේ MetaTrader5 (MT5) ගිණුමට අදාළ Login Details ඇතුලත්. ඉදිරි පියවර සඳහා ඒ තොරතුරු වැදගත් වෙනවා.

FAQs

KYC සම්පූර්ණ වන්නට කොපමණ කාලයක් ගත වෙනවාද?

සාමාන්‍යයෙන් පැය 24 ක් ඇතුළත KYC සම්පූර්ණ වෙනවා.

පැය 24 ක් ගත වුවත් තවමත් KYC සම්පූර්ණ වී නැත්තේ ඇයි?

ඔබ යොමු කළ ලිපි ලේඛණ වල යම් අඩුපාඩුවක් ඇති නම් Email මඟින් ඔබව දැනුවත් කරාවි. එවිට ඒ අඩුපාඩු නැවත සැකසීමෙන් අනතුරුව ඔබේ KYC සම්පූර්ණ වනු ඇති.

KYC සම්පූර්ණ වී ඇත්දැයි දැනගන්නේ කෙසේද?

ඔබේ WhizFX Broker ගිණුමට Log වී, ඉහළ දකුණු කෙලවරේ හිස මත Click කර My Profile වෙත යන්න.

එවිට ඉහළින්ම KYC Process > Ok ලෙස කොළ පැහැයෙන් දිස් වේ නම් ඔබගේ Broker KYC සම්පූර්ණ වී ඇත.

දැන් ඊළඟට මොකද කරන්නේ?

In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *