BankerQuotes එකෙන් මාසෙකට කොච්චර මුදලක් Earn කරන්න පුලුවන්ද?

ඇත්තටම BankerQuotes වලින් ඔබට සීමාරහිතව මුදල් ඉපැයිය හැකියි. ඔබට කොපමණ මුදල් උපයන්නට පුලුවන්ද කියන දේ තීරණය කරන්නේ ඔබ කොපමණ මුදලක් අවදානමට ලක් කරනවාද කියන කාරණය මතයි. මේ කතාව නම් ඔබ දැනටමත් දන්නවා ඇති.

High Risk ∞ Higher Return

සිංහලෙන් නම් වැඩි අවදානමක් ගත්තොත් ඉහළ ප්‍රතිලාභයක් ලබන්නට හැකියි. ඒ කියන්නේ ඔබට BankerQuotes වලින් කොපමණ මුදලක් හොයන්න පුලුවන්ද කියන එක සමානුපාතික වෙනවා ඔබේ Trading Capital එකට. ඒ නිසා ආරම්භයේ සිටම වැඩි ප්‍රාග්ධනයක් යොදවන්නට හැකි නම් ඔබට වඩාත් වේගවත් ගමනක් යා හැකියි.

ඒ වගේම තවත් දෙයක් තියෙනවා. ඔබට ලොකු Capital එකක් තිබුණත් පොඩි Capital එකක් තිබුනත් Market එක ඔබට සලකන්නේ එකම විදිහට. අපි ඒ කතාව උදාහරණයකින් පැහැදිලි කරගනිමු.

උදාහරණයක් විදිහට Market එකෙන් අපිට ලැබෙන ප්‍රතිලාභය 10% ක් නම්, $100 ක් යොදවන කෙනෙකුටත් 10% ක් ලැබෙනවා. $100,000 ක් යොදවන කෙනෙකුටත් 10% ක් ලැබෙනවා. හැබැයි,

Your CapitalMarket ReturnYour Profit
$10010%$10
$100,00010%$10,000

මේ දෙන්නාට එකම Return එක ලැබුණට Profit එකේ වෙනස අහසට පොළොව වගේ. $100 ක් යොදවපු කෙනාට $10 ක් ලැබෙනකොට $100,000 ක් යොදවපු කෙනාට $10,000 ක් ලැබිලා.

ඒ නිසා BankerQuotes එකෙන් ඔබට වැඩි ප්‍රතිලාභයක් ලබන්නට අවශ්‍ය නම් වැඩි ප්‍රාග්ධනයක් යෙදවිය යුතු වෙනවා.

In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *